තනිකම


නිහඬ මැදියම නිසල හදවත
වැරෙන් අල්වාගෙන
ඔබෙන් හිස්වු පුංචි මැදුරෙහි
අඳුරු සෙවනැලි අතර සඟවන්නට වෙරදරන්නේ
මන්ද යත් නොදනිමි.
කියාගත නොහී අමුතු හැඟීමකින් සිතේ තැනින් තැන
සිදුරු කරවන සෙයක් දැනේ.
මැකී ගිය නටබුන් අතර අපගේ අතීත පුරාවස්තු තැනින් තැන
විසිරී ඇත.
යකුත් නැටූ පිටියක ඉඳිකටු සිදුරක් සොයන්නට මා සිත වෙරදරන්නේ මන්ද ?


සෙව්වෙමි සොයමි එක් තැනකම නතර වෙමි.මා හොඳින් දනිමි එය සැබැවින්ම අවසන් වී හමාරය.

Comments

Popular posts from this blog

ජීවිතය (Life)