ජීවිතය (Life)













කදු මුදුනේ කොස් රුකක් වීමට ඔබට බැරිනම් ....
මිටියාවතේ අකුලක් වෙන්න...
එහෙත් දොල පසෙකින් තිබෙන ...
හොදම අකුල වෙන්න...
ගසක් විමට පුලුවන් කමක් නැතිනම් ...
වෙන්න හොද පදුරක්...
ඔබට බැරිනම් පදුරක් විමට...
තනකොල වලින් ටිකක් වෙන්න...
යම් මහ පාරක් වඩාත් සැපවත් බවට හරවන...
කරුවල ගහක් වෙන්න බැරිනම් ...
හල්මිල්ල ගහක් වෙන්න...
එත් වත්තේ තියන හොදම ගහ වෙන්න...
මහපාරක් වෙන්න බැරිනම්...
වෙන්න අඩිපාරක්...
ඉර වීමට බැරිනම් තාරකාවක් වෙන්න...
ඔබ දිනන හෝ පරදින තරමින් නොවේ...
කවරෙකු බවට පත් උනත් එයින් හොදම පුද්ගලයා වෙන්න.....

මේ මගේ හොදම යාලුවෙකුගෙ තාත්තගෙ දිනපොතෙන් පොර උස්සපු නිසදැසක්.පුතා කෙසේ වෙතත් .විශ්‍රාමික ගුරුවරයෙක් වන තාත්තනම් විශිෂ්ඨයෙක්.මේ ඔව්න් වෙනුවෙන් Rukshan pramitha siriwardana

Comments

  1. එල මචන් , නියමයි...

    ReplyDelete
  2. තෑන්ක්ස් මචං උබ තමා පලවෙනි කොමෙන්ටුව දැම්මෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog