බුද්ධං සරනේ සිරස දරාගෙන!!!!!!

යමක් කමක් තේරෙන්න ගත්ත දා ඉදලම හිතේ තිබුන ලොකු ආසාවක් තමා තනියම පොඩි ඇඩ්වෙන්චර් එකක්  යන්න.ඉතින් ඔන්න 2010 මාර්තු මාසේ වගේ ඒක කොරගන්න පුලුවන් වෙනවා.ඉතින් දෙයියනේ කියල ගියේ අපේ සුමන සමන් දෙවියන්ගෙ අඩවිය නැත්නම් සිරීපාදේ වදින්නයි.ඉතින් මම කිවිවනෙ අදහස බොහොම ඉස්සර ඉදලම තිබ්බ කියල ඉතින් පස්සෙ යන්න තැනක් එහෙම හිතලා බලනකොට හිතුනා සිරීපාදේ හොදා කියල පස්සෙ දැන් කෝච්ච්යෙ යන්නත් පුලුවන් අනික ලේසියි,ඉතින් පණ්ඩිතකම තිබ්බට මොකද කෝච්ච්යකවත් ගිහිල්ලා නැත් එකෙක් තමා මං එතකොට.මේ ගමන මට අංශ ගොඩකින් වැදගත් වෙනවා එකක් තමා මේක මගේ පලවෙනි කෝච්ච් ගමන අනික මේක පලවෙනි සිරීපාද ගමන අනික මේක පලවෙනි තමන්ම ලෑස්ති කරගත්තු එකක් වෙච්ච එක ඉතින් මේව ඔක්කොම බැලුවහම මේක මගේ ජීවිතයේ ලොකු පිමිමක් වගේ තමා මට පේන්නෙ.ඉතින් අදහස ආවා තමා ඒත් කොහොමද යන්නෙ. ඉතින් ඔහොම ඉන්නකොට මම මේක මං දන්න කියන මගේ පෙරෙන්ඩ්ස්ලා කීපදෙටනකුට කිව්වා ඉතින් හැමදාම මාත් එක්ක ඉන්න මගේ ගොඩක් අල කේස්වලින් මාව ගොඩදාපු මගේම  වගේ අයියා කෙනෙක්(තීර්ථ යාත්‍රීකයා) වැඩේට කැමති වෙලා පොරම දිනයකුත් දාගෙන මෙහෙම යන් මෙහෙම යන් කියල වැඩේ සැට් කොරා. ඉතින් හීනයක් වෙලා තිබිච්ච දේ ඔන්න ඔහොම සැබෑවක් උනා.(ඔක්කොටම ඉස්සරවෙලා මට කියන්න දෙයක් තියනවා මේ සහෝදරයා ගැන, අද මං මේ දන්න දේවල් බොහොමයක් දන්නෙ ඔහු නිසා ඒ වාගේම මම කව්ද කියල මට පෙන්නුවෙ ඔහුයි) ඉතින් ඔහොම තමා වැඩේ පටන් ගත්තෙ.ඉතින් 2010 මාර්තු 24 බදාදා දිනයක උදේ 5:33 අපි හදාපු වෙලාවකින් නමෝ විත්තියෙන් ගමන ආරම්භ කොලා.




පොල්ගහවෙල දුම්රිය ස්ථානය

ඉතින් පොල්ගහවෙලට බස් එකේ. ඊට පස්සෙ එතන ඉදන් කෝච්චියෙ හැටන් වලට. ෂා මගේ පලවෙනි කෝච්ච් ගමන වගේම අමතක වෙන්නෙම නැති ලස්සනම ගමනත් ඒකමයි.

මගේ ඩක් වෝක් එක


තැනනං දන්නෑ පොඩි ස්ටේසමක් වරුවක් විතර නවත්තං හිටියා සිග්නල් නෑ කියලා

මගෙ පලවෙනි ටිකටි එකේ මේ යකා හිලක් හැදුවනෙ






 ඉතින් හැටන් ආවා එද්දි ටිකක් වැස්ස.ඒත එක්ක පොඩ්ඩක් රෑ වේගනත් ඇවිල්ලා ගෙනාපු බත් එහෙම කාල ඉතින් හොදවතුර බස්එකට නැග්ගා.

නල්ලතන්නි විසේස සේවා බස් රථය


පස්වරු 6:13 විතර වෙද්දි අපි නල්ලතන්නියට ආවා ඉතින් හෙමින් හෙමින් සිරිපාකරුණා කරන්න ගත්තා.මුලින් හොදට කෙලින් හිටියා තමා.....






නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
සාදු සාදු සාදු!!!


අවසානයේ පැය 4කට විතර පස්සෙ සිරිපා මලුව නැමදීමේ උතුම් පුණ්‍යකර්මය සිදුකරගැන්මට අපට වාසනාව උදා වුනා.ඒත් සමහර එවුන්ගේ ක්‍රියාකලාපයන් ගැන කියන්නය ඕන.අරක්කු බීල, අඩනිරුවතින් සිටිවුන් කොතැන වගේම මෙතනත් නැත්තෙම නෑ.ඒත් අසාමාන්‍ය සිදුවීම්ද උන්නැත්තෙම නෑ.බීපු කොල්ලො ටිකක් බෙරිහන්දිදී ශ්‍රීපාද කන්ද නැග්ගා.පස්සෙ ටිකවෙලාවකින් එකෙකුට සර්පයෙක් කාල   නැගපු ඔක්කොටම බහින්න උනා.සමන්දෙවියන්ගෙඅඩවිය අදත් එහෙමයි.ඔබ කෝඩුකාරයෙක්නම් ඔබ නොදන්නා දෙයක් කියන්නම්.සිරිපා කරුණා කරන විට නිතරම බුදුගුණ සිතින් මෙනෙහි කරන්න.ගමන් විඩාව ඔබට නොදැනීම පහව යයි.(පෞද්ගලික අත්දැකීමක්) රෑ 12 විතර වෙද්දී අපි කන්දෙන් බහින්න පටන් ගත්තා පහුවෙනිදා එලි වෙද්දි අපි කන්දෙන් බැහැල ගෙදර එන්න පිටත් උනා.හවස් වෙද්දී 4 විතර අපි ගෙදර.සතියක් විතර තෙල් ගෑව ඒක වෙනම කතාවක්.ඇඩ්වෙන්චර් කතාව ඔන්න ඔහොම අවසන් උනා.
තෙරුවන් සරණයි!!!  

Comments

Popular posts from this blog

ජීවිතය (Life)