ප්‍රාකාරයේ බිඳවැටීම
තාත්තා
ලෙයින් දහඩියෙන් අප පෝෂණය කර ණැනෙන් බෙලෙන් මා පෝෂණය කළ ආදරණීය පියාණනි,වරෙක ඔබ කවටයෙකි වරක ශූර කතිකයෙකි,වරෙක ශූර ගොවියෙකි.වරෙක ආදරණීය මිනිසෙකි .අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා....තෙරුවන් සරණයි
අසාමාන්‍ය ඇදහිය නොහැකි සිදුවීම් ගණනක දරාගත නොහැකි දුක් සුසුම් ගොන්නක සිරවී තෙරපී විඳවන්නට වෙතැයි මේ 2016 වර්ෂ අාරම්භය කිසිවිටෙක නොසිතුවෙමි.ජනවාරි පළමුවැනිදා සුබ මොහොතින් කිරි බතක් ඉතිරෙද්දී වෙනදා මෙන් ආදරයෙන් වර්ෂය අප තිදෙනා ආරම්භ කළෙමු.තාත්තා මගේ ලෝකේ හැමදාටම මහා වීරයෙක් යෝධයෙක් ලෙසයි මට හැඟෙන්නේ.මාත් අම්මාත් මහත් වෙර වීරියෙන් ආරක්ෂා කළ ඔහු මට හැඟෙන්නේ කුඩා පැළ ආරක්ෂා කරන්නාවූ මහා වෘක්ෂයක් පරිද්දෙනි.කෙමෙන් ගෙවෙන දිවිය අඳුරු වෙමින් මහා අඳුරු යුගයක් මතු එළබෙන බව කිසිවිටෙකත් තාත්තාවටත් මට හෝ අම්මාටවත් නොදැනුනේ ඇයිදැයි මා මගෙන්ම විමසන එකම කරුණයි.

2016-03-08
මාගේ දිවියේ අවාසනාවන්තම සිදුවීමේ ආරම්භය සනිටුවන් කරන්නට වූ සැහැසි දවසයි...

අන්න තාත්ත වැටිලා ඔලුවෙන් හොඳටම ලේ එනවා අයිස් තියනවද ගෙදර........ ඒ වචන කිහිපය අදටද මාගේ දෙසවන රැවි පිළි රැවි දෙමින් දෝංකාර නගයි.මාත් අම්මාත් ඩිල්ෂාන් මාගේ මිතුරාත් වේගයෙන් පාර දෙසට දුවන්නට වූයේ නිරායාසයෙන්මයි.ලේ විලක් ලෙස අතින් හිස අල්ලාගෙන තාත්තා ලේ වැකුණු කමිසයෙන් එක් පසකය ඔහුගේ පණ මෙන් ආරක්ෂා කළ යතුරු පැදිය පාරේ මැදට වන්නට විය‍

වී ගෝනියකද සමග එය එතැනය.මා එය කෙලින් කොට ගතිමි.ගියරද නැවත සකසමින් නිවස දෙසට තල්ලු කරන්නට වීමි.අම්මාත් ඩිල්ෂාන් සමග තාත්තා අල්වාගෙන නිවස දෙසට ගමන් කරයි.

ඔහුගේ මහා පෞෂය බිඳවැටී ඇත.කොන්ද රිදෙනවා මෙතෙන්ට බේත් ටිකක් ගාන්න.මගේ ඇස් කඳුලින් බරව ඇතත් එය වහා සඟවා ගන්නට මම සමත් වීමි.මගේ රත්තරන් තාත්තට ඉක්මණට හොඳවෙනවා හිතින් මුමුණමින් ඔහුගේ  වේදනා දෙන සිරුර පුරා මා බෙහෙත් ගැල්වීමි.
මේ සිදුවීම මහා විනාශයක් මූලාරම්භය බව මා කිසිවිටකවත් නොසිතුවෙමි.

2016 04 21
මට කලන්තෙ වගේ.කියමින් තාත්තා ඉස්තෝප්පුවේ පුටුවක වාඩි ගති.මේ සැරට වෙන්නැති අම්මා කියනු මට ඇසුනි.පැනඩෝල් පෙත්තක් තියනවනම්.ඒ තාත්තායි.එදින සවස් වනවිට තත්වය වෙනස් වූ අතර දකුණු ඇලයේ අත් පා හිරිවැටී ඇත් බව ඔහු පවසන්නට විය.පසුදා වනවිට සම්පූර්ණයෙන්ම දකුණු ඇලයේ අත් පා අක්‍රීය වූ අතර.කතාකර ගැනීමට හා අපට ප්‍රතිචාර දක්වන්නට තරම්වත් සිහියක් ඔහුට නොවීය.මාගේ ආදරණීය සහොදරයා (A brother of another Mother) නොවන්නට මාද මෙලොව හැරගොසිනි.ඔහුත් සමග හලාවතටත් එතැනින් කොළඹටත් පරීක්ෂණ සඳහා තාත්තා ගෙනගිය අතර.නැවත එන ගමනේදී හලාවත රෝහලට ඇතුලත් කිරීමට මට ගෙදරින් නැවත පැමිණෙන ලෙස අම්මා දුරකථන ඇමතුමක් ලබාදුණි.අකිල සමග නැවත රෝහල වෙත ගිය මා.තාත්තාත් සමග හලාවත රෝහලේ නතර විය.



2016-04-22
පසුදා හලාවතින් වහාම කොළඹ ගෙනයන ලෙසත් ඉතා කුඩා ශල්‍යකර්මයක් කිරීමට ඇති බට වෛද්‍යවරයා මාහට පැවසීය.ගිලන් රථයකින් වහාම කොළබ ජාතික රෝහලට ගෙනයන්නට වූ අතර ගිලන්රථයේ ශබ්දය ඇසෙන ඇසෙන වාරයක් පාසා මා හඩන්නට වීමි.
ඇයි පුතේ අඩන්නේ 
මගේ අසරණ තාත්තාගේ වචන.පසුව මම
නෑ තාත්තේ මන් අඩන්නේ නෑ.
ඔහුගේ වමත මාගේ මුහුණ මත තබා ඔහු හඩන්නට විය.
ඇයි තාත්තේ අපි ඔයාව හොදකරන්නනේ ගෙනියන්නේ අඩන්න එපා ඉතින්.
අපි ඉක්මණට ගෙදර යමුකෝ.
මා තාත්තාගේ පපුව මත අත තබාගෙන ඔහුට මෙත් වඩන්නට විය.

කොළඹ
කිසිදිනකවත් නොවිඳි අත්දැකීමක්.දෙවිවරු වන් මිනිසුන් මැද අතරමන් වීමි.එදිනම ශල්‍යකර්මය සිදුකළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. https://en.wikipedia.org/wiki/Subdural_hematoma   කොළපැහැති වස්ත්‍රයක් ඇගලූ තාත්තා ශල්‍යාගාරය වෙත ගෙනගියේ මාද සමගය.නැවත යන ලෙස පැවසු අතර මා එතැනින් ඉවත් වීමි.රාත්‍රී 11 පමණ ශල්‍යකර්මයට රැගෙනගිය තාත්තා.පාන්දර 1.00 පමණ නැවත රැගෙන යන්නට පැමිණෙන ලෙස එක් අයෙක් පවසනු ඇසින.දැඩි නින්දක පසුවූ තාත්තා නැවත රැගෙනවිත් සියඇඳෙහි තබන්නට විය.පසුදා 8.00 පමණ වනවිට ඔහු යම්තරමක සිහියක් හා .අත් පා දෙකම යම් තරමකට ක්‍රියාකාරී වන්නට විය.කල්පනාවේ යම් අඩුවක් දක්නට ලැබුණත්.ඔහුගේ පැහැදිලි සුවයක් මා දුටිමි.2016-04-24 දින වනවිට ඔහුට නිවසට යන්නට හැකි බව වෛද්‍ය නිර්දේශය විය.අමිල අයියාගේ වාහනයෙන් නිවස බලා යනබව පැවසූ විට තාත්තා මහත් ප්‍රීතියකින් සිටි බව මා දුටිමි.සිය දෙපයින් සිටගත් ඔහු ඇවිදගෙනම වාහනය වෙත පියනැගූ හැටි දෙනෙතට කඳුලක් එක්කරයි.අතරමගදී  බත් අවශ්‍ය බව පවසා හිතේ හැටියට බත් කෑ ඔහු ඒ තමන්ගේ අතින් රසට කන අවසාන පත් වෙල යැයි අපද ඔහුද නොසිතන්නට ඇත.

නැවත 2016-05-07 වන දින හිසෙහි මැහුම් ඉවත්කිරීමට කැඳවාගෙන ගිය අතර එහිදීද හොදින් ඔහුගේ  සෟඛ්‍ය තත්වය තිබූ බව කිවයුතුයි.2016-05-16 වනවිට නැවතත් ක්‍රමයෙන් රෝගි ලක්ෂණ පෙන්වන්නට වූ තාත්තා නැවත ඉක්මනින්  කොළඹ වෙත රැගෙන යනු ලැබීය.පරීක්ෂා කළ වෛද්‍ය නිර්දේශය වූයේ නැවත මොලයෙහි රුධිරය පිරී ඇත යන්නයි.දින 7 පමණ රෝහලේ තබාගනිමින්.ශල්‍යකර්මයකට භාජනය කල අතර දින තුනක් යන තුරු සිහිය යම් තරමකවත් හොදින් පැවතුනේ නැත.හිසෙහි එක් පැත්තක් සම්පූර්ණයෙන්ම මැහුම් යොදා තිබූ අතර.අවසාන දිනයේ නිවසට රැගෙන යන ලෙසත් ක්‍රමයෙන් සුව වන්නට හැකි බවත් පවසමින් වෛද්‍යවරුන් රෝහගෙන් තාත්තා නිදහස් කිරීය.කැදවාගෙන ආවත් යම් හෝ සුවයක් මා දැක්කේ නැත.

එදා සිට කිසිඳු ආහාරයක් නොගත් ඔහු.දියර පානය කළ අතර පසු එයද අතහැර දැමීය.ඉන් දින 6 පසු එනම් 2016-05-29 පාන්දර 4  මගේ රත්තරන් තාත්තා.මගේ වීරයා  අපේ ආරක්ෂකයා  මාත්අම්මාත් මෙලොව තනිකරමින් අපගෙන් සදහටම සමුගත්තේ මහමෙරක් දුක් හිතේ හිරකරමිනි.කාමරයේ දොර වසාගත් මා හිතේ දුක මතක්කරමින් ඉකි ගසා අඩන්නට වීමි.අම්මාද එසේමය.අවසන උඩුබද්දාව පොසු සුසානාගාරයේදී අවසන් වරට දුටුවේ දහසක් බර දැරූ දහසක් දෑ සැදූ ඒ සොඳුරු මිනිසා 2016-05-30  දින සවස් භාගයේ

උඩු සුළගේ දුම් වලාවක් ලෙසින් අවසන් ගමන් යන අයුරුයි.






Comments

Popular posts from this blog

ජීවිතය (Life)