දුරකථන ඡායාරූපය


ගොඩක් අය ඡායාරූප කියන දේට ආදරය කරනවා.ඒක සම්පූර්ණ ඇත්තක්.ඒ වගේම සමහරු ඡායාරූප ගන්නත් බොහොම කැමතියි.තවත් සමහරු  ඡායාරූප රසවිදින්නත් කැමතියි.ඉතින් මේ ඔක්කොම පටන් ගන්නෙ කැමරාවෙන්නෙ.මගේ තාත්ත වෟත්තියෙන් කැමරා ශිල්පියෙක් ඉතින් පොඩිකාලෙ දැක්ක ඒ ලස්සන කැමරාවත්,තාත්තගෙන් මට උපතින් ලැබුණු සහජත්වයත් හින්දා පටන් ගත්ත ආශාව මාවත් ඒ පැත්තටම තල්ලු කරා.මොනවා කෙරුවත් ඩිජිටල් සංස්කෟතිය ලංකාව වේගයෙන් වෙලාගද්දි අපිවත් ඕකෙ පැටලෙන එක අහන්නත් දෙයක්යෑ.මට ඩිජිටල් කියල මුලින්ම පොටෝ ගන්න දෙයක් අතට හම්බුනේ  2007 ඒක ඇත්තටම දුරකථනයක්  Samsung E250 තිබුනෙ වීජීඒ කැමරාවක් පොටෝ ගැන හිතාගත්තැහැකිනෙ.පස්සෙ 2008 හමිබවෙච්චි ලස්සන හුරුබුහුටි  කැමරා පෝන් එක මට අලුත්ම අත්දැකීම් එකතු කලා.අද හැමෝම පික්සල් පස්සෙ එලවනවා මිසක් තියන දෙයින් ලස්සන පොටෝ කෑල්ලක් ගන්න  ට්‍රයි කරනවයෑ.ඉතින් මේ කථාව ජංගම දුරකථන කැමරා ඡායාරූප ගැනයි.
ගොඩ දෙනෙක් හිතන්නෙ ජංගම දුරකථනවල තියන කැමරාවෙන් වැඩක් නෑ ඒකෙන් ගන්න පොටෝ කිසි වැඩකට නෑ කියලා ඉතින් මේ ඒකට උත්තරයක්.මම ඉස්සරවෙලා කිව්වනෙ 2008 හම්බවෙච්ච යාලුවා ගැන මේ තමයි එයා
Sony Ericsson K750i
ඉතින් ඔන්න ඉන්නවා යාලුවා මේකෙ තියෙන්නෙ 2mpකැමරාවක්.කටිටිය කියයි අයියෝ පික්සල් දෙකේ පොටෝ මොනවද කියලා. ඒත් සුවිශේෂී ගුණාංග ගණනාවක් මේ දුරකථනයේ කැමරාව සතුවෙලා තිබුණා.ඒවාගෙන්,
  1. සවයං නාභිගත කිරීම.
  2. Macro පහසුකම.
  3. කොටස් තුනකින් යුතු පැනෝරාමා අංගය.
  4. Burst හෙවත් වේගවත්  කෂනිකව ඡායාරූප 5ක් ලබාගැනීමේ හැකියාව.
  5. LED කෂනිකාවලෝකනය (flash)'
  6. ඉතා විශේෂිත වූ Effects 5 .
ඉතින් මේ මම පාවිච්චි කරපු මම වඩාත් ආසා කරපු අංග ටික.තවත් ගොඩක් විශේෂාංග ගණනාවක් මේකෙ තියනවා.ඉතින් මේ යාලුවත් එක්ක මම කරපු වැඩ වලින් ටිකක් මෙන්න.
                                        
සොබාදහමේ ආදරය

වියැකී යන්නට පලමුවෙන්

ඉතින් අවසරයි

නැවත හමුවෙමු

  මේ තවත් effect එකක් පාවිච්චි කරපු එකක්
තරිදු
මේ සාමාන්‍ය ඡායාරූපයක්
තනිකම රජයන පාලු විමානේ!
ඉතින් තවත් කවුරුහරි කියනවනම් ලස්සන පොටෝ එකක් ගන්න(මම කතාකරන්නෙ වෘත්තීය ඡායාරූප නෙමේ) නම් හොද කැමරාවක්,වැඩි පික්සල් ප්‍රමානයක් තියෙන්න ඕන කියල මේ ගැනත් ට්කක් හිතුවොත් හොද නැද්ද?
හොද කැමරාවක් ,පික්සල ප්‍රමාණයක් ඇති කැමරා වලින් ඉතාමත් මැනවින් නිවැරදි ආලෝක පරාසයන්ගෙන් යුක්තව ඉතා අගනා ඡායාරූප ලබාගත හැකි බව සත්‍යයකි.නමුත්  කැමරාවක් හැම අවස්ථාවේදීම ළග තබාගැනීමත් දුෂ්කර වන්නට පුළුවන්. ජංගම දුරකථනය සදහා එය බලපැවැත්වෙන්නේ අඩුවෙනි.මෙහි ඇති ඡායාරූප අතුරින් සියල්ලම පාහේ අනපේක්ෂිතව මා හට ලැබුණු  අවස්ථායි. විමසිලිමත්,කලාත්මක ඇස බිහිකරන්නේ පරිපූර්ණ කලාකාමියෙකි. ආධුනිකයෙකු නම් ඔබ වඩාත් මෙම කලාවට ආදරය දක්වන්නෙක්නම්.  කැමරාවක් නොමැතිව මුදල් ගැන සිතමින්  ලතවෙන්න එපා සිතන්න ඔබ ළග ඇති දේ, අවශ්‍ය හොද ඇසක් පමණයි.

Comments

  1. නියමයි මචන් උබ මගෙත් ඈස් පෑදුවා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජීවිතය (Life)