Posts

Showing posts from May, 2011

බුද්ධං සරනේ සිරස දරාගෙන!!!!!!

Image
යමක් කමක් තේරෙන්න ගත්ත දා ඉදලම හිතේ තිබුන ලොකු ආසාවක් තමා තනියම පොඩි ඇඩ්වෙන්චර් එකක්  යන්න.ඉතින් ඔන්න 2010 මාර්තු මාසේ වගේ ඒක කොරගන්න පුලුවන් වෙනවා.ඉතින් දෙයියනේ කියල ගියේ අපේ සුමන සමන් දෙවියන්ගෙ අඩවිය නැත්නම් සිරීපාදේ වදින්නයි.ඉතින් මම කිවිවනෙ අදහස බොහොම ඉස්සර ඉදලම තිබ්බ කියල ඉතින් පස්සෙ යන්න තැනක් එහෙම හිතලා බලනකොට හිතුනා සිරීපාදේ හොදා කියල පස්සෙ දැන් කෝච්ච්යෙ යන්නත් පුලුවන් අනික ලේසියි , ඉතින් පණ්ඩිතකම තිබ්බට මොකද කෝච්ච්යකවත් ගිහිල්ලා නැත් එකෙක් තමා මං එතකොට.මේ ගමන මට අංශ ගොඩකින් වැදගත් වෙනවා එකක් තමා මේක මගේ පලවෙනි කෝච්ච් ගමන අනික මේක පලවෙනි සිරීපාද ගමන අනික මේක පලවෙනි තමන්ම ලෑස්ති කරගත්තු එකක් වෙච්ච එක ඉතින් මේව ඔක්කොම බැලුවහම මේක මගේ ජීවිතයේ ලොකු පිමිමක් වගේ තමා මට පේන්නෙ.ඉතින් අදහස ආවා තමා ඒත් කොහොමද යන්නෙ. ඉතින් ඔහොම ඉන්නකොට මම මේක මං දන්න කියන මගේ පෙරෙන්ඩ්ස්ලා කීපදෙටනකුට කිව්වා ඉතින් හැමදාම මාත් එක්ක ඉන්න මගේ ගොඩක් අල කේස්වලින් මාව ගොඩදාපු මගේම  වගේ අයියා කෙනෙක්( තීර්ථ යාත්‍රීකයා )  වැඩේට කැමති වෙලා පොරම දිනයකුත් දාගෙන මෙහෙම යන් මෙහෙම යන් කියල වැඩේ සැට් කොරා. ඉතින් හීනයක් වෙලා