Posts

Showing posts from July, 2016
Image
                                                                         තනිකම නිහඬ මැදියම නිසල හදවත වැරෙන් අල්වාගෙන ඔබෙන් හිස්වු පුංචි මැදුරෙහි අඳුරු සෙවනැලි අතර සඟවන්නට වෙරදරන්නේ මන්ද යත් නොදනිමි. කියාගත නොහී අමුතු හැඟීමකින් සිතේ තැනින් තැන සිදුරු කරවන සෙයක් දැනේ. මැකී ගිය නටබුන් අතර අපගේ අතීත පුරාවස්තු තැනින් තැන විසිරී ඇත. යකුත් නැටූ පිටියක ඉඳිකටු සිදුරක් සොයන්නට මා සිත වෙරදරන්නේ මන්ද ? සෙව්වෙමි සොයමි එක් තැනකම නතර වෙමි.මා හොඳින් දනිමි එය සැබැවින්ම අවසන් වී හමාරය.
Image
ප්‍රාකාරයේ බිඳවැටීම තාත්තා ලෙයින් දහඩියෙන් අප පෝෂණය කර ණැනෙන් බෙලෙන් මා පෝෂණය කළ ආදරණීය පියාණනි,වරෙක ඔබ කවටයෙකි වරක ශූර කතිකයෙකි,වරෙක ශූර ගොවියෙකි.වරෙක ආදරණීය මිනිසෙකි .අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා....තෙරුවන් සරණයි අසාමාන්‍ය ඇදහිය නොහැකි සිදුවීම් ගණනක දරාගත නොහැකි දුක් සුසුම් ගොන්නක සිරවී තෙරපී විඳවන්නට වෙතැයි මේ 2016 වර්ෂ අාරම්භය කිසිවිටෙක නොසිතුවෙමි.ජනවාරි පළමුවැනිදා සුබ මොහොතින් කිරි බතක් ඉතිරෙද්දී වෙනදා මෙන් ආදරයෙන් වර්ෂය අප තිදෙනා ආරම්භ කළෙමු.තාත්තා මගේ ලෝකේ හැමදාටම මහා වීරයෙක් යෝධයෙක් ලෙසයි මට හැඟෙන්නේ.මාත් අම්මාත් මහත් වෙර වීරියෙන් ආරක්ෂා කළ ඔහු මට හැඟෙන්නේ කුඩා පැළ ආරක්ෂා කරන්නාවූ මහා වෘක්ෂයක් පරිද්දෙනි.කෙමෙන් ගෙවෙන දිවිය අඳුරු වෙමින් මහා අඳුරු යුගයක් මතු එළබෙන බව කිසිවිටෙකත් තාත්තාවටත් මට හෝ අම්මාටවත් නොදැනුනේ ඇයිදැයි මා මගෙන්ම විමසන එකම කරුණයි. 2016-03-08 මාගේ දිවියේ අවාසනාවන්තම සිදුවීමේ ආරම්භය සනිටුවන් කරන්නට වූ සැහැසි දවසයි... අන්න තාත්ත වැටිලා ඔලුවෙන් හොඳටම ලේ එනවා අයිස් තියනවද ගෙදර........ ඒ වචන කිහිපය අදටද මාගේ දෙසවන රැවි පිළි රැවි දෙමින් දෝංකාර නගයි.