Posts

Showing posts from June, 2011
Image
දුරකථන ඡායාරූපය ගොඩක් අය ඡායාරූප කියන දේට ආදරය කරනවා.ඒක සම්පූර්ණ ඇත්තක්.ඒ වගේම සමහරු ඡායාරූප ගන්නත් බොහොම කැමතියි.තවත් සමහරු  ඡායාරූප රසවිදින්නත් කැමතියි.ඉතින් මේ ඔක්කොම පටන් ගන්නෙ කැමරාවෙන්නෙ.මගේ තාත්ත වෟත්තියෙන් කැමරා ශිල්පියෙක් ඉතින් පොඩිකාලෙ දැක්ක ඒ ලස්සන කැමරාවත්,තාත්තගෙන් මට උපතින් ලැබුණු සහජත්වයත් හින්දා පටන් ගත්ත ආශාව මාවත් ඒ පැත්තටම තල්ලු කරා.මොනවා කෙරුවත් ඩිජිටල් සංස්කෟතිය ලංකාව වේගයෙන් වෙලාගද්දි අපිවත් ඕකෙ පැටලෙන එක අහන්නත් දෙයක්යෑ.මට ඩිජිටල් කියල මුලින්ම පොටෝ ගන්න දෙයක් අතට හම්බුනේ  2007 ඒක ඇත්තටම දුරකථනයක්  Samsung E250 තිබුනෙ වීජීඒ කැමරාවක් පොටෝ ගැන හිතාගත්තැහැකිනෙ.පස්සෙ 2008 හමිබවෙච්චි ලස්සන හුරුබුහුටි  කැමරා පෝන් එක මට අලුත්ම අත්දැකීම් එකතු කලා.අද හැමෝම පික්සල් පස්සෙ එලවනවා මිසක් තියන දෙයින් ලස්සන පොටෝ කෑල්ලක් ගන්න  ට්‍රයි කරනවයෑ.ඉතින් මේ කථාව ජංගම දුරකථන කැමරා ඡායාරූප ගැනයි. ගොඩ දෙනෙක් හිතන්නෙ ජංගම දුරකථනවල තියන කැමරාවෙන් වැඩක් නෑ ඒකෙන් ගන්න පොටෝ කිසි වැඩකට නෑ කියලා ඉතින් මේ ඒකට උත්තරයක්.මම ඉස්සරවෙලා කිව්වනෙ 2008 හම්බවෙච්ච යාලුවා ගැන මේ තමයි එයා Sony Ericsson K750