Posts

Image
                                                                                             සොඳුරු සිතැත්තී   සිතේ පිබිදෙන නැවුම් සිතුවිලි ඔබේ උණුසුම් පපු ගැබ තුල තුරුල්වී සැනහෙන්නට පෙරුම් පුරමින් සොදුරු ඇස් ඇති මුව දෙනුනි! සොයන්නෙමි ආදරය ඔබේ නිල් දෙනෙත මත.. මුවින් නැගෙනා සොඳුරු වදනින් අමතන්න මා ආදරයේ නාමයෙන්. ඔබේ ලමැදේ මියැදෙන්නම් වරක් නොව මේ සංසාරයේ ඉපදෙනා වාරයක් පාසා.. ඔබේමයි මා ඔබ මගේමයි...  ආදරෙයි මන් ආදරෙයි  ඔබේ සොඳුරු නිල්නෙතු අතර සැඟවෙමි.  නැවත නැවතත් දැවටෙන්න මා හදේ සිතිවිලි ඔබ ගැනයි. ( දිල් ඔබ මගේ අහසයි)  
Image
                                                                         තනිකම නිහඬ මැදියම නිසල හදවත වැරෙන් අල්වාගෙන ඔබෙන් හිස්වු පුංචි මැදුරෙහි අඳුරු සෙවනැලි අතර සඟවන්නට වෙරදරන්නේ මන්ද යත් නොදනිමි. කියාගත නොහී අමුතු හැඟීමකින් සිතේ තැනින් තැන සිදුරු කරවන සෙයක් දැනේ. මැකී ගිය නටබුන් අතර අපගේ අතීත පුරාවස්තු තැනින් තැන විසිරී ඇත. යකුත් නැටූ පිටියක ඉඳිකටු සිදුරක් සොයන්නට මා සිත වෙරදරන්නේ මන්ද ? සෙව්වෙමි සොයමි එක් තැනකම නතර වෙමි.මා හොඳින් දනිමි එය සැබැවින්ම අවසන් වී හමාරය.
Image
ප්‍රාකාරයේ බිඳවැටීම තාත්තා ලෙයින් දහඩියෙන් අප පෝෂණය කර ණැනෙන් බෙලෙන් මා පෝෂණය කළ ආදරණීය පියාණනි,වරෙක ඔබ කවටයෙකි වරක ශූර කතිකයෙකි,වරෙක ශූර ගොවියෙකි.වරෙක ආදරණීය මිනිසෙකි .අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා....තෙරුවන් සරණයි අසාමාන්‍ය ඇදහිය නොහැකි සිදුවීම් ගණනක දරාගත නොහැකි දුක් සුසුම් ගොන්නක සිරවී තෙරපී විඳවන්නට වෙතැයි මේ 2016 වර්ෂ අාරම්භය කිසිවිටෙක නොසිතුවෙමි.ජනවාරි පළමුවැනිදා සුබ මොහොතින් කිරි බතක් ඉතිරෙද්දී වෙනදා මෙන් ආදරයෙන් වර්ෂය අප තිදෙනා ආරම්භ කළෙමු.තාත්තා මගේ ලෝකේ හැමදාටම මහා වීරයෙක් යෝධයෙක් ලෙසයි මට හැඟෙන්නේ.මාත් අම්මාත් මහත් වෙර වීරියෙන් ආරක්ෂා කළ ඔහු මට හැඟෙන්නේ කුඩා පැළ ආරක්ෂා කරන්නාවූ මහා වෘක්ෂයක් පරිද්දෙනි.කෙමෙන් ගෙවෙන දිවිය අඳුරු වෙමින් මහා අඳුරු යුගයක් මතු එළබෙන බව කිසිවිටෙකත් තාත්තාවටත් මට හෝ අම්මාටවත් නොදැනුනේ ඇයිදැයි මා මගෙන්ම විමසන එකම කරුණයි. 2016-03-08 මාගේ දිවියේ අවාසනාවන්තම සිදුවීමේ ආරම්භය සනිටුවන් කරන්නට වූ සැහැසි දවසයි... අන්න තාත්ත වැටිලා ඔලුවෙන් හොඳටම ලේ එනවා අයිස් තියනවද ගෙදර........ ඒ වචන කිහිපය අදටද මාගේ දෙසවන රැවි පිළි රැවි දෙමින් දෝංකාර නගයි.

ජීවිතය (Life)

Image
කදු මුදුනේ කොස් රුකක් වීමට ඔබට බැරිනම් .... මිටියාවතේ අකුලක් වෙන්න... එහෙත් දොල පසෙකින් තිබෙන ... හොදම අකුල වෙන්න... ගසක් විමට පුලුවන් කමක් නැතිනම් ... වෙන්න හොද පදුරක්... ඔබට බැරිනම් පදුරක් විමට... තනකොල වලින් ටිකක් වෙන්න... යම් මහ පාරක් වඩාත් සැපවත් බවට හරවන... කරුවල ගහක් වෙන්න බැරිනම් ... හල්මිල්ල ගහක් වෙන්න... එත් වත්තේ තියන හොදම ගහ වෙන්න... මහපාරක් වෙන්න බැරිනම්... වෙන්න අඩිපාරක්... ඉර වීමට බැරිනම් තාරකාවක් වෙන්න... ඔබ දිනන හෝ පරදින තරමින් නොවේ... කවරෙකු බවට පත් උනත් එයින් හොදම පුද්ගලයා වෙන්න..... මේ මගේ හොදම යාලුවෙකුගෙ තාත්තගෙ දිනපොතෙන් පොර උස්සපු නිසදැසක්.පුතා කෙසේ වෙතත් .විශ්‍රාමික ගුරුවරයෙක් වන තාත්තනම් විශිෂ්ඨයෙක්.මේ ඔව්න් වෙනුවෙන් Rukshan pramitha siriwardana
Image
දුරකථන ඡායාරූපය ගොඩක් අය ඡායාරූප කියන දේට ආදරය කරනවා.ඒක සම්පූර්ණ ඇත්තක්.ඒ වගේම සමහරු ඡායාරූප ගන්නත් බොහොම කැමතියි.තවත් සමහරු  ඡායාරූප රසවිදින්නත් කැමතියි.ඉතින් මේ ඔක්කොම පටන් ගන්නෙ කැමරාවෙන්නෙ.මගේ තාත්ත වෟත්තියෙන් කැමරා ශිල්පියෙක් ඉතින් පොඩිකාලෙ දැක්ක ඒ ලස්සන කැමරාවත්,තාත්තගෙන් මට උපතින් ලැබුණු සහජත්වයත් හින්දා පටන් ගත්ත ආශාව මාවත් ඒ පැත්තටම තල්ලු කරා.මොනවා කෙරුවත් ඩිජිටල් සංස්කෟතිය ලංකාව වේගයෙන් වෙලාගද්දි අපිවත් ඕකෙ පැටලෙන එක අහන්නත් දෙයක්යෑ.මට ඩිජිටල් කියල මුලින්ම පොටෝ ගන්න දෙයක් අතට හම්බුනේ  2007 ඒක ඇත්තටම දුරකථනයක්  Samsung E250 තිබුනෙ වීජීඒ කැමරාවක් පොටෝ ගැන හිතාගත්තැහැකිනෙ.පස්සෙ 2008 හමිබවෙච්චි ලස්සන හුරුබුහුටි  කැමරා පෝන් එක මට අලුත්ම අත්දැකීම් එකතු කලා.අද හැමෝම පික්සල් පස්සෙ එලවනවා මිසක් තියන දෙයින් ලස්සන පොටෝ කෑල්ලක් ගන්න  ට්‍රයි කරනවයෑ.ඉතින් මේ කථාව ජංගම දුරකථන කැමරා ඡායාරූප ගැනයි. ගොඩ දෙනෙක් හිතන්නෙ ජංගම දුරකථනවල තියන කැමරාවෙන් වැඩක් නෑ ඒකෙන් ගන්න පොටෝ කිසි වැඩකට නෑ කියලා ඉතින් මේ ඒකට උත්තරයක්.මම ඉස්සරවෙලා කිව්වනෙ 2008 හම්බවෙච්ච යාලුවා ගැන මේ තමයි එයා Sony Ericsson K750

බුද්ධං සරනේ සිරස දරාගෙන!!!!!!

Image
යමක් කමක් තේරෙන්න ගත්ත දා ඉදලම හිතේ තිබුන ලොකු ආසාවක් තමා තනියම පොඩි ඇඩ්වෙන්චර් එකක්  යන්න.ඉතින් ඔන්න 2010 මාර්තු මාසේ වගේ ඒක කොරගන්න පුලුවන් වෙනවා.ඉතින් දෙයියනේ කියල ගියේ අපේ සුමන සමන් දෙවියන්ගෙ අඩවිය නැත්නම් සිරීපාදේ වදින්නයි.ඉතින් මම කිවිවනෙ අදහස බොහොම ඉස්සර ඉදලම තිබ්බ කියල ඉතින් පස්සෙ යන්න තැනක් එහෙම හිතලා බලනකොට හිතුනා සිරීපාදේ හොදා කියල පස්සෙ දැන් කෝච්ච්යෙ යන්නත් පුලුවන් අනික ලේසියි , ඉතින් පණ්ඩිතකම තිබ්බට මොකද කෝච්ච්යකවත් ගිහිල්ලා නැත් එකෙක් තමා මං එතකොට.මේ ගමන මට අංශ ගොඩකින් වැදගත් වෙනවා එකක් තමා මේක මගේ පලවෙනි කෝච්ච් ගමන අනික මේක පලවෙනි සිරීපාද ගමන අනික මේක පලවෙනි තමන්ම ලෑස්ති කරගත්තු එකක් වෙච්ච එක ඉතින් මේව ඔක්කොම බැලුවහම මේක මගේ ජීවිතයේ ලොකු පිමිමක් වගේ තමා මට පේන්නෙ.ඉතින් අදහස ආවා තමා ඒත් කොහොමද යන්නෙ. ඉතින් ඔහොම ඉන්නකොට මම මේක මං දන්න කියන මගේ පෙරෙන්ඩ්ස්ලා කීපදෙටනකුට කිව්වා ඉතින් හැමදාම මාත් එක්ක ඉන්න මගේ ගොඩක් අල කේස්වලින් මාව ගොඩදාපු මගේම  වගේ අයියා කෙනෙක්( තීර්ථ යාත්‍රීකයා )  වැඩේට කැමති වෙලා පොරම දිනයකුත් දාගෙන මෙහෙම යන් මෙහෙම යන් කියල වැඩේ සැට් කොරා. ඉතින් හීනයක් වෙලා